අතීතයේ විවිධ අවස්ථාවන් වලදී එල්ල වූ ඉන්දියානු ආක්‍රමණ හමුවේ රජරට රාජධානියේ බිඳවැටීමට සමගාමීව බෞද්ධ වෙහෙර විහාරවල පැවැත්මට තර්ජන එල්ලවීම නිසා එම වටිනා ආගමික ස්ථාන ගරාවැටී වල්බිහිවීමට ලක්විය' මේ අතර රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීම නිසා මෙම ස්ථාන වලට ලැබුණු රාජ්‍ය අනුග්‍රහයද ක්‍රමයෙන් අඩුවිය' මෙම පසුබිම් යටතේ මහාසෑය" කැලෑ වදුලක අඩි දෙසියයක් පමණ උස ගඩොල් ගොඩක් වශයෙන් නටඹුන් වී තිබිණ'

නාරංවිට සුමනසාර තෙරණුවෝ

විවිධ හේතූන් මත අභාවයට යමින් තිබුණු අනුරාධපුර පුණ්‍ය භූමියේ නැවතත් නව පුනර්ජීවනයක් දක්නට ලැබෙන්නේ දහනම වන සියවස අගභාගය වනවිටය' මෙහි ප්‍රධානම පුරුකක් වුයේ නාරංවිට සුමනසාර තෙරණුවෝය' උඩු ගම්පොළට නුදුරින් නාරංවිට උපත ලත් සුමනසාර තෙරණුවෝ දිනක් වන්දනා නඩයක් සමග අනුරපුර බලා පිටත් වුහ' එහිදී ගරාවැටී තුබූ රුවන්වැලිසෑය දුටු තෙරණුවෝ මහත්සේ කම්පාවට පත්ව zරුවන්වැලි මහාසෑය පෙර රජදවස ශ්‍රී විභූතියට නැවතත් පත් කරමිZයි යන දැවැන්ත හා ස්ථිරසාර අධිෂ්ඨානයෙන් යුතුව තම දෑතින්ම ගඩොල ගඩොල ගෙන කිසි කෙනෙකුගේ සහායකින් තොරවම සංවර්ධන කර්මාන්තයෙහි නිරත වුහ' මැලේරිය වසංගතය පැතිරුණු අවධියක" වනසතුන් හා සර්පයන් ගහනවූ ඝන කැලෑවක බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඇරඹු මෙම සංවර්ධන ක්‍රියාවලිය බොහෝ අයගේ අවධානයට පාත්‍රවිමත් සමගම වන්දනාව සඳහා ගිය බැතිමතුන් ශ්‍රමදානයෙන් සහභාගී වෙමින් ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු විය' එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවුන්ගේද පැසසුමට හා අවධානයට පත්වීමද වලිසිංහ හරිස්චන්ද්‍ර" අනගාරික ධර්මපාල ආදී ප්‍රබල බෞද්ධ නායකයන්ගේ සහායට හා අනුග්‍රහයට පාත්‍රවීම පසු කලීනව සිදුවිය' විසිවන සියවස ආරම්භයේදී තෙරණුවෝ zරුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතියZ පිහිටවූහ' පසුකලෙක මෙම වැඩපිළිවෙලට බොහෝ සෙයින් උරදුන් පින්වත් කුමාරසිංහ රන්සිරිනෙල් වෙදමහත්මා එහි සභාපති වශයෙන් කටයුතු කළේය' තෙරණුවන්ගේ අභාවයෙන් පසුව බොහෝ බෞද්ධ ධානපතින්ගේ සහයද ඇතිව චෛත්‍යය පිළිසකර කිරීමේ කටයුත්තෙහි නිරතවුයේ රන්සිරිනෙල් වෙදමහත්මාය' පසුකාලීනව නොයෙක් අවස්ථාවන් වලදී චෛත්‍යය වටා විවිධ කොටස් එක්වීම සිදුවිය' මේ අතර රුවන්වැලි සෑ මළුවේ විහාරගෙය ඉදිකිරීම 1950 දී පමණ සිදුවිය'

Project Image ගරා වැටුණු මහාසෑය - පැරණි ඡායාරූපයක්" අනුග්‍රහය www.imagesofceylon.com