ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මහා සංග්‍රාමය කළ මහාවීර ගැමුණු රජතුමා" එළාර ප්‍රමුඛ සොළින්ගෙන් රට නිදහස් කර මුළු ලංකාද්වීපයම එකඡත්‍ර කිරීමෙන් අනතුරුව" සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් යන සතර මග හා සතර ඵල පිළිපන් මහා සංඝයා වහන්සේට වැඩවිසීම සඳහා ලෝවාමහාපාය නමින් පතළ ලෝහයෙන් තනන ලද නවමහල් ප්‍රාසාදයක් කරවූහ' මෙසේ සතුටු සිතින් නිති පිංකම් වල නිරතවූ රජතුමා දිනක් ශ්‍රී මහා බෝධිය අභියස මහා පුජාවක් කිරීමෙන් අනතුරුව" මහා බෝධියෙන් නික්මයන්නේ මග අසලවූ" මිහිඳු මහතෙරුන්ගේ අනාවැකියක් අනුව" දෙවන පෑතිස් රජතුමා විසින් කරවන ලද පැරණි ශිලා ලේඛණයක් දුටහ' එම අනාවැකිය රන්පතකද ලියා රන් කරඬුවක බහා රජගෙහිම තබන ලදී'

—කකුසඳ" කෝණාගම" කාශ්‍යප" ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශය ලද ලක්දිව අනුරපුරයෙහි ශුද්ධවූ භූමියක වර්ෂ එකසිය සතළිසක් ගෙවුණු තැන අනාගතයෙහි කාවන්තිස් මහා රජුගේ පුත්‍රවූ ගැමුණු නම් නිරිඳෙක්" මනෝහර එකසිය විසිරියන් උස්වූ සොණ්ණමාලි නම් මහා ස්ථුපය කරවන්නේය' නැවතද නානා රත්නාලංකෘත ලෝහ ප්‍රාසාදයක් වන පොහොය ගෙයක්ද නවමහල් කොට කරවන්නේය˜

දැකීමෙන් අනතුරුව" රජ ගෙහි රණ්කරඬුවක බහාතිබූ රන්පත" රජුගේ සිහියට වහා නැගුණි' ඉක්බිත්තෙන් සතුටු වූ සිත් ඇත්තේ සෙල් ලිපිය තුබූ තැනම —මහා සෑය කරන්නෙමිæ˜ යි මහරජ අධිෂ්ඨාන කරගත්හ'

මහාසෑය කරවීම සඳහා අමුද්‍රව්‍ය හා උපකරණ ලැබීම

එදිනම රාත්‍රී භෝජනයෙන් අනතුරුව සැතපෙන රජුට zසෑය සඳහා කෙසේ ගඩොල් උපයා ගනිම්දZයි සිත්විය' රජුගේ සිත් දුටු එක් දෙවියෙක් මෙම පුවත දෙවියන් අතර පතුරණ ලදහ' ක්‍රමයෙන් රජුගේ සිත් දැනගත් ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දිව්‍යපුත්‍රයාට රජුට ගඩොල් මවාදෙනමෙන් අණ කළෝය' එපරිද්දෙන් අනුරාධපුරයෙන් යොදුනක් ඈතින් ගම්භිර නදිය අසල විශ්වකර්ම දිව්‍යපුත්‍රයෝ ගඩොල් මවා දුන්හ' මෙලෙසම අනුරපුරයට නුදුරින්වූ" ඊසානදිග අවුරුවුට ගම රත්රන්ද" නැගෙනහිර තඹවිට ගම තඹද" ගිනිකොණ දිග සමන් වැවේ මැණික්ද" දකුණු දිග රිදීගම රිදී හා බටහිර දිග උරුවෙල් පටුනෙහි මුතුපබළුද" යන මහාසෑය සඳහා වෙසෙසින් අවශ්‍ය අතිශය දුර්ලභවුත්" වටිනාවුත් අමුද්‍රව්‍ය අපරිමිතව බොහෝසෙයින් පහළවිය'

සෑ කර්මාන්ත ආරම්භ කිරීම

ගැමුණු මහරජු" දාගැබ නිසාම පහළවූ සියළු රන් රිදී මුතු මැණික් ගෙන්වා තම භාණ්ඩාගාරයේ රැස්කර" වෙසක් පුරපසළොස්වක් දිනයෙක සෑ කර්මාන්ත ආරම්භ කළහ' දෙවනපෑතිස් රජුගේ ශිලා ලේඛණය තිබු තැන" චිරස්තිථිය පිණිස සත් රියනක් කැණීම් කොට සුණු ගල් අතුරවා" ඒමත වෙඬරු මැටි අතුරවා" නැවත ගල්ද" ඒමත කරගල්ද" බොරළුද" පලිඟුද" ඒ අතර නවනිල මැටි ඔබවා" රස ජලය මිශ්‍ර දිවුල් මැලියමකින් අඟල් අටක ඝන තඹ පට තට්ටුවක් අතුරා ඒ මත රිදී පට තට්ටුවක් අතුරා මොනවට පිරියම් කොට ඇසළ මස සියළු භික්ෂු සංඝයා ප්‍රමුඛ මහජනයා රැස්කරවා zසෙට මහාසෑය පිණිස මඟුල් ගඩොල ^මුල් ගල& පිහිටුවමිZයි සැලකළහ'

රජ අණට අනුව නන් අයුරින් සැරසුණු පුර ජනයා චෛත්‍ය ස්ථානයට රැස්වුහ' දඹදිව රජගහ නුවරින් භික්ෂුන් අසුදහසක්ද" ඉසිපතනාරාමයෙන් දොළොස්දහසක්ද" ජේතවනාරාමයෙන් සැටදහසක්ද" විශාලා මහනුවරින් අටළොස් ^18& දහසක්ද" කොසඹෑනුවරින් තිස්දහසක්ද" උදේනි නුවරින් සතළිස් දහසක්ද" පැළලුප් නුවරින් එක්ලක්‍ෂ සැටදහසක් ද" කාශ්මීර පෙදෙසින් දෙලක්ෂ සැටදහසක් ද" පල්ලවභොග්ග ජනපදයෙන් සාරලක්‍ෂ සැටදහසක් ද" යෝනක පුරයෙන් තිස්දහසක්ද" වින්ද්‍යා වනයෙන් සැටදහසක්ද" බෝමැලි වෙහෙරින් තිස්දහසක්ද" වනවාස පෙදෙසින් අසුදහසක්ද" කෛලාස වෙහෙරින් සයානු දහසක්ද වශයෙන් නන් දෙසින් වැඩි භික්ෂුන් වූ අතර ලංකා වැසි භික්ෂු සංඝයා මෙතෙකැයි කියා නිමකළ නොහැකි පමණට මහා සංඝයා රැස්වූ බවත්" ඔවුන් අතුරෙනුදු මහරහතුන් වහන්සේලා පමණක්ම සයානු කෝටියක් වූ බව මහාවංශයේ දක්වා ඇත'

මංගල ගඩොල පිහිටනු වස් මහරජාණෝ චෛත්‍ය මධ්‍යයෙහි ^මැද ස්ථානය& වටකරමින් රනින් හා රිදියෙන් නිමවන ලද කුම්භ ^කළගෙඩි& අට බැගින් තබා" ඒ වටා නව පුන්කලස් අටෝරසියක් ^එකසිය අටක්& පිහිටවූහ' වස්ත්‍රයන්ද අට බැගින් බහාළුහ' ගඩොල් කැටද අටක් වෙන් වෙන් වශයෙන් තබා" එයින් නානාප්‍රකාර මඟුල් ලකුණු ඇති එක් ගඩොලක් තෝරාගෙන මධ්‍යයෙහි මංගල ගඩොල වශයෙන් පිහිටුවා දෑසමන් මලින් පුජා කළහ' එකල්හි මහපොළොව ගිගුරුම් දෙමින් භුමි කම්පාවිය' සෙසු ගඩොල් සත මහාමාත්‍යවරු විසින් පිහිටවනු ලැබිය' මෙසේ ඇසළ පුරපසළොස්වක් දිනයකදී මහාසෑයට මුල්ගල පිහිටවූ අතර පුණ්‍යකර්මය අවසානයේ පියදස්සි නම් මහරහතන් වහන්සේ කළ ධර්ම දේශනාව හේතුවෙන් සතළිස් දහසකට ධර්මාවබෝධයෙන් සතර පටිසම්භිදා සහිත මහරහත් බවත්" සතළිස් දහසක් සෝවාන් ඵලස්ථ වු බවත්" දහස බැගින් සකදාගාමී අනාගාමී හා අරහත් වූ බවත්" අටළොස් දහසක් භික්ෂුන් හා තුදුස් දහසක් භික්ෂුණින් ද අරහත් ඵලස්ථ වූ බවත් සඳහන් වේ'

විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගේ සැලැස්ම හා කර්මාන්තයට දෙවියන්ගේ නොමඳ සහාය

ඉක්බිතිව සතුටු සිත් ඇත්තේ" මහරජ චෛත්‍ය භුමිය වටා අටළොස් තැනක මණ්ඩප කරවා සත් දිනකම මහාසංඝයා වහන්සේට මහා දන් දුන්නේය' අනතුරුව උළු$ගඩොල් වඩුවන් ගෙන්වා" zකිනම් ආකාරයකින් චෛත්‍යයක් කරන්නේ දැZයි රජු විචාල කල්හි" එක් තරුණ හා මනා නුවණැති වඩුවෙක් චෛත්‍යයේ චිරස්ථිතිය සඳහා ගඩොල් තැනීමෙහි යම් සුවිශේෂවූ ක්‍රමවෙදයක් ඉදිරිපත් කළේය' සතුටට පත් රජතුමා zකිනම් සටහනක් හා සැලැස්මක් අනුව චෛත්‍ය කර්මාන්ත කරන්නේZදැයි විචාල කල්හි" එසැණින් විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ඔහු ශරීර ආරුඪ වීමෙන් රන්බඳුනක බහාළු පැන් දෝතින් ගෙන උඩවිසි කළේය' එවිට අවකාශයෙහි විශාල දිය බුබුලක් මැවුණු කල්හි zමෙසේ බුබ්බුලාකාර සටහනින් මහාසෑය කරමිZයි රජහට පෙන්වාදුන්නේය' අතිශය සතුටට පත් රජතුමා එසේම කර්මාන්ත ආරම්භයට නියෝග කළහ' zමේසා විශාල ගඩොල් ප්‍රමාණයක් කෙසේ සෑ භූමියට ගෙනෙම්දෝZයි සිතන රජුගේ සිත් දුටු දෙවියෝ දිනකට සරිලන පමණින් ගඩොල් වැඩබිම සිට චෛත්‍ය මායිමේ සතර දොරකඩ අසල දිනපතා ගෙනවුත් තැබුහ' කර්මාන්තයේ යෙදෙන පිරිසට සතර වාසළදොර අභියස බොහෝ කෑමබීම" රන්අභරණ" රෙදිපිළි" හා වැටුප් වශයෙන් මිලමුදල් ද බෙදාදින' වැටුප් නොගෙවා කිසිවකුගෙන් වැඩ නොගන්නා ලෙසද නියෝග කර" මහත්වූ ශ්‍රද්ධාව නිසා වැටුප් නොගෙන වැඩකර පලායන පිරිස අල්වා බලයෙන් වැටුප් ගෙවීමට රාජ භටයන්ද යොදන ලදහ'

සෘද්ධිමත් මහරහත්හු චෛත්‍ය අත්තිවාරම නව වරක් පොළොවෙහි ගිලා බැස්වීම

චෛත්‍යයේ පාදම, මල් අසුන් තුන තෙක් ගඩොලින් නිමවූ කලිහි සෘද්ධිමත් රහතුන් පොළොව හා සම මට්ටම් වනසේ පොළොවේ ගිල්වුහ' පොළොවේ ගිලෙන සැමවිටම අභිනවයෙන් ඉදිකිරීම් වූ අතර නව වරක්ම ගිලබැසීමෙන් වෙහෙසට පත් රජතුමා මහා සංඝයා රැස්කරවා ගිලා බැසීමට හේතු විචාරණ ලදහ' එවිට zචෛත්‍යය තීර්ථකයන්ගේ උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහාත් භුමිකම්පාවකදී වුවද ආරක්ෂාවීම සඳහාත් චිරස්ථිතිය සඳහාත් මෙසේ නව වරක් මහානුභාවසම්පන්න සෘද්ධිමත් මහරහතන් වහන්සේලා පොළොවේ ගිල්වූ බවත් නැවත එසේ නොකරන බවත් සෑ කර්මාන්ත අඛණ්ඩව පැවැත්විය හැකි බවත්Z මහා සංඝයා පැවසුහ'

ධාතු ගර්භය සැකසීම

නැවත වතාවක් මල් අසුන් තෙක් ඉදිකිරීම් වූ පසු" උත්තර හා සුමන රහත් සාමණේර වහන්සේලා උතුරුකුරු දිවයිනට සෘද්ධියෙන් වැඩමකොට දිගින් හා පළලින් අසුරියන් වුත් ඝනකමින් අඟල් අටක් පමණවුත් zමේඝ වර්ණZ නම් වූ පාෂාණ පුවරු සයක් ගෙන පෙරළා වඩින ලද්දාහුය' චෛත්‍ය ගර්භයේ මැද ඝනකාභයක් සෙයින් වනසේ තැන්පත්කොට පුවරු පසක් සෘද්ධියෙන්ම සවිකොට සයවැනි පුවරැව පියන ලෙස සැකසුහ' ගර්භයේ රන්" රිදී" මුතු" මැණික්" පබළු ආදී අගනා වස්තුන්ගෙන් සාදන ලද දහඅට රියන් උස බෝධියක් ඇත' බෝමුල රනින් කරන ලද අනර්ඝ පර්යංකයෙන් වැඩසිටින ප්‍රභාස්වරවූ බුද්ධ ප්‍රතිමා වහන්සේය'

මෙලෙසම සත් සතිය" බ්‍රහ්මාරාධානාව ^සහම්පති මහබඹුන් ධර්මය දෙසන්න යි කළ ආරාධනාව&" ආදී අනුපිළිවෙලින් දීපංකර බුදුන්ගේ නියත විවරණයේ සිට බුද්ධත්වය දක්වාද" බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වාද" එතැන්සිට ලක්දිව බුදුසසුන පිහිටුවීම දක්වාද" ප්‍රධානම අවස්ථා සමග බුද්ධචරිතය නිරුපණය කරමින් කෝටි ගණනක් රන් රිදී මුතු පබළු මැණික් වලින් නිමවූ දර්ශන ඇතුළත්ය'

තවද වෙස්සන්තර ජාතකය ආදී බොහෝ ජාතක කතාද ඉතාම විචිත්‍ර ලෙස දක්වමින් ධාතුගර්භය තුල මේසා මහත් සම්පත්" සෑ කර්මාන්ත වැඩ බලා විධි විධාන කළ ෂට්අභිඥ්ඥා ලාභී මහාප්‍රාඥ ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සෘද්ධියෙන් හා ප්‍රධාන වඩුකාර්මිකයාට මුලසිට අග දක්වාම නිදන් කර්තව්‍යයෙහි ශරීරාරුඪවූ විස්කම් දෙවිපුත් ගේ අධිෂ්ඨානයෙන්ම නිධන් කළසේක' මේ සියළු වස්තු එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරු ගැමුණු රජතුමාගේ රාජසෘද්ධියෙන් හා පුණ්‍යානුභාවයෙන්ද" නන් අයුරින් සහායවූ සියළු දෙවියන්ගේ දේවතාසෘද්ධියෙන් හා දෙවනුභාවයෙන්ද" මහරහත් ආර්යයන් වහන්සේලාගේ සෘද්ධියෙන් හා අනුභාවයෙන්ද යන තුන් සෘද්ධියෙන්ම පිහිටුවන ලදී'

සර්වඥ ධාතුන් වහන්සේලා ලැබීම

පරිනිර්වාණ මංචකයේ වැඩසිටි අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා අමතා මෙසේ වදාළහ, zදේවේන්ද්‍රය මාගේ ශරීර ධාතු ද්‍රෝණ අට අතුරෙන් එක් ද්‍රෝණයක් රාමගම කෝලිය රජු විසින් සෑයක් කොට සත්කාර කරන්නේ වේ' ඉන් අනතුරුව එම ධාතුන් නාලොවට ගෙනයන ලදුව නාගයන් විසින් පුජාසත්කාර කරන්නේ වේ' අනතුරුව ලක්දිව මහාථුපයේ නිදන් කරන්නේ වේ'Z' බුදුරජුන්ගේ ආඥාව පරිදි කටයුතු එසේම සිද්ධවී" ද්‍රෝණ බමුණා විසින් බෙදු එක් ද්‍රෝණයක් ධාතුන්වහන්සේ නාලොව ස්වර්ණමය ස්තුපයක" සාදරවු නාගයන්ගේ නීති පුජා සත්කාර මැද වැජබෙන සේක'

මහාසෑයේ ධාතු ගර්භයේ වැඩ අවසන්වූ බව මහා සංඝයාට සැලකළ රජතුමා" ධාතු නිධානොත්සවයට සැරසුණි' එකල්හි සෝණුත්තර නම් ෂට්අභිඥාලාභී රහතන් වහන්සේ නාලොවට වැඩමකොට නාරජුට කාරණා විස්තර කරදී" එකඟ කරවා ධාතුන් වහන්සේ රැගෙන පෙරළා වැඩම කළහ' නාගයන්ගේ ඉල්ලීම මත" නාලොව වන්දනාමාන කරනු වස් ධාතුන් ස්වල්පයක් දී ඔවුන් සතුටු කරවුහ'

ධාතුන්වහන්සේ නිධන් කිරීම හා යමාමහ පෙළහර පෑම

මහා සෑයේ ධාතුන්වහන්සේ නිධානය අතිශයින් ප්‍රාතිහාර්යය සහිතවූ විශ්ව කර්මයකි' මෙම මහා කටයුත්ත සඳහා අනේකවිධ මනුෂ්‍ය" දිව්‍ය" බ්‍රහ්ම පිරිස් සැරසුණු අයුරු මහාවංශයේ නන් අයුරින් දක්වා ඇත' බ්‍රහ්ම තෙම ඡත්‍රද" සන්සිත" සුයාමාදි දිව්‍ය රජවරු හා දෙව්කුමරියන් සංඛ" අභරණ" පහන්" පරසතුමල් රැගෙන ආහ' සතරවරම් දෙව් රජදරුවෝ අසිපත් ඇතිව සිටගත්හ' විසිඅට යක්ෂ සේනාධිපතීහු ආරක්ෂා කරමින් සිටගත්හ' සක්දෙව් රජ රුවන් පළඟක් හා රන් කරඬුවක් ගෙන දෙව් සමුහය සමඟ වැඩ" විශ්වකර්ම දෙව්පුත් නිම වූ රත්න මණ්ඩපයෙහි පළඟ පිහිටවුසේක' ගැමුණු මහරජාණෝ ද සියළු රජාභාරණයෙන් සැරසී අමාත්‍ය පිරිවර සමග අවුත් රාජශ්‍රීයෙන් දාගැබ තුන්වටක් පැදකුණු කොට සිටගත්හ' සෝණුත්තර මහරහතන් වහන්සේ ධාතුන්වහන්සේලා කරඬුවේ තැන්පත් කළහ' මහා සෘද්ධිසම්පන්න ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මාරදිව්‍යපුත්‍රයා පසුබස්වන්නාවූ සක්වළ හා පමණින් සමාන ලෝහමය ඡත්‍රක් ^කොඩියක්& මැවුහ' එම අවස්ථාවේ නානාප්‍රකාර වූ පුජාකරන ලද්දාවූ මනුෂ්‍ය ඡත්‍ර" දිව්‍ය ඡත්‍ර දැක ප්‍රීතියෙන් පිනාගිය මහරජාණෝ ධාතුන් වහන්සේලා රාජාභිෂේක කොට තුන් වතාවක්ම ලංකා රාජ්‍යය ධාතුන් වහන්සේට පුජා කළහ'

සයානු කෝටියක් රහතන්වහන්සේ සෑය පිරිවරණ ලදුව ඇඟිලි බැඳ බුද්ධ වන්දනා කරනු මධ්‍යයේ" සධාතුක කරඬුව හිසින්ගත් මහරජාණෝ මිනිස් පිරිවර සමග තුන්වරක් සෑය ප්‍රදක්ෂිණා කොට ධාතු ගර්භයට ඇතුළු වුහ' අවුත් zධාතුන් වහන්සේලා තැන්පත් කරමිZයි සිතු කල්හි" පෙර ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ අධිෂ්ඨානයක් පරිදි ධාතු කරඬුව අහසට පැන නැගිසේක' කරඬුව දිගහැරී ධාතුන් වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසුවක් අනුව්‍යංජනයෙන් හෙබි" ෂඩ් වර්ණ" කේතු මාලා" බ්‍යාම ප්‍රභාදී අනේක බුද්ධ රශ්මියෙන් දිදුලන අටළොස් රියන් උස බුද්ධකායක් මවමින් අහසට පැන නැඟහ' එදා ගණ්ඩබ්බ රුක් අසල තීර්ථකයන්ගේ මානය බිඳීමට බුදුරජුන් යමක මහා ප්‍රාතිහාර්යය කෙසේ පෑසේක්ද@" එසේම මහා සෑය අහස් කුසෙහි නිර්මිත බුදුකය යුගල වශයෙන් සතර ඉරියව් පවත්වමින් එක් එක් රෝමයක් පාසා ගිනි කන්දක්ද අනෙක් අනෙක් රෝමයක් පාසා ජල කඳක්ද පිටකරමින් අසිරිමත් යමක මහා ප්‍රාතිහාර්යය නැවතත් පෑසේක' පෙළහර දැක ශ්‍රද්ධාවට පත් දොළොස් කෝටියක් දෙව්මිනිස් පිරිස අරහත් ඵලස්ථ වූ බවත් සෝවාන් ආදී සේඛඵල ප්‍රාප්තයෝ එම සංඛ්‍යාව අභිබැවු බවත් සඳහන් වේ'

ප්‍රාතිහාර්යයෙන් අනතුරුව නිර්මිත බුදුකය අතුරුදන්වීමත් සමගම ධාතුන්වහන්සේ කරඬුව තුලට වැඩියාහුය' ඉමහත් සොම්නසින් මහරජාණෝ කරඬුව රන් පළඟ මත තැන්පත්කර zලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපුනේ යම්සේද එසේම ධාතුන්වහන්සේලා මෙම කෝටියක් අගනා රිදියෙන් කළ මනාව සකසනලද මංචකයේ සැතපෙන සේක්වාZයයි අධිෂ්ඨාන කළේය' එපරිදිම ධාතුන්වහන්සේද යහන මත ශයනය කළහ' ධාතුන්ගේ පිහිටීම සමගම මහපොළොව ගිගුරුම් දෙමින් කම්පිත වුයේය'

ඉන්පසු, මහජනයා හා සියළු දෙවි දේවතාවුන් ධාතුන් වන්දනාමාන කළහ' වන්දනාමනාවසානයන් ධාතු ගර්භය වැසීමට සුදුසුයැයි රජතුමා උත්තර හා සුමන රහත් සාමණේර වහන්සේලාට සැලකළහ' රහතන්වහන්සේලා මේඝවර්ණ පාෂාණයෙන් ගර්භය වැසුහ' මෙම අවස්ථාවේ" වැඩසිටි අනුහයකොටියක් මහරහතන් වහන්සේලා මෙසේ අධිෂ්ඨාන කළහ; zමෙහි මල් නොමැලෙත්වා" මේ ගන්ධයෝ නොවියලෙත්වා" පහන් නොනිවෙත්වා" කිසිවෙකුත් නොනසිවා" ධාතුගර්භය වැසූ මේඝවර්ණ පාෂාණයොත් අතුරු නැතිව ගැලපෙත්වාZ' අභිඥාලාභී රහතන්වහන්සේ සමගින් සියළු රහතන්වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන්ද" පින්කැමති සියළු දෙවියන්ගේ අධිෂ්ඨාන බලයෙන් හා මහරජු ගේ අධිෂ්ඨානයෙන් හා භාග්‍යයෙන්ද" එදා මහාසෑ ධාතු ගර්භය තුල දැල්වූ පහන් අදටත් නොනිවී දැල්වෙමින් පවතී'

මහාසෑය කර්මාන්ත අවසන් කිරීම

සෑ කර්මාන්ත අඛණ්ඩව කරගෙන ගිය නමුත් වැඩ අවසන් කිරීමට පෙර ගැමුණු මහරජු ගිලන් වුහ' එබැවින් රජතෙමේ තම සොයුරු වූ තිස්ස කුමරු ගෙන්වා zමහාසෑයේ නොනිමි කර්මාන්තය නිම කළවZ යයි පැවරුයේය' තිස්ස කුමරුද මහරජුගේ දුර්වල තත්ත්වය දැන සෑය සුදු පිරුවටින් ආවරණය කර සිත්තරුන් ලවා ඒමත චිත්‍ර කර්ම කරවා" zමහා සෑයේ වැඩ නිමවූ බව ගැමුණු මහරජුට දැන්විය. බොහෝසෙයින් ගිලන්ව දුර්වලවූ රජතුමා දෝලාවෙන්ම මහාසෑය පැදකුණු කර" මහත්වූ සතුටින් මහසෑයත් ලොවාමහාපයත් දෙපසින් පෙනෙන තැනක පැනවූ සයනයක සැතපිය' නන්දෙසින් පැමිණි සයානුකොටියක් රහතන්වහන්සේලාගේ දහම් සජ්ඣායනා හා ආශිර්වාද මධ්‍යයේ" ගිහිකල තම දසමහ යෝධයන්ගෙන් එක් කෙනෙකුවූ ථෙරපුත්තාභය රහතන්වහන්සේගේ අනිත්‍ය ලක්ෂණ මෙනෙහි කිරීම හා පෙර තමා විසින් බොහෝසෙයින් රැස්කරන ලද පිං සියල්ල මෙනෙහි කරන්නැයි කළ අනුශාසනාවට අනුවම කළ මහරජු අවසන් වශයෙන් තම සොයුරු තිස්ස කුමරුට මහාසෑයට නිති පුජා සත්කාර කළයුතු ආකාරය කියාදී" නිහඬවනු සමගම මහවිරයාණෝ අප ජාතියෙන් සමු ගත්හ'

මහාසෑය කර්මාන්ත තිස්ස රජු විසින් නිමවා අවට ඇත්පවුරක්ද කරවුයේය' නිති පුජා සත්කාරද කරවනු ලැබුහ'

Project Image
සතර බුදුරජාණන් වහන්සේලා හා මෛත්‍රී බෝසතාණන්ගේ ප්‍රතිමා වල පැරණි ඡායාරූපයක්' මෙම ප්‍රතිමා අදටත් විහාරමන්දිරය තුල සංරක්ෂණය කොට පවතී'

 

Project Image
ශෙරින් අමෙන්ද්‍රා මහත්මිය විසින් රචිත zබියොන්ඩ් ද සීන් අයිZ කෘතියෙන් උපුටාගන්නා ලදී

 

Project Image