1968 වසරේ අනුරාධපුර ශ්‍රි මහා බෝධියේ උඩමළුවෙහිදී සසුන්ගත වූ පල්ලේගම සිරිනිවාස නාහිමි එවකට අටමස්ථානාධිපති ධූරය දැරූ ඉඳුරුව හල්මිල්ලෑවේ රේවත නායක නාහිමියන්ගේ කාරුණික ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරි හිමියන් වශයෙන් බොහෝ ඇපකැප වීමෙන් කටයුතු කළ අතර අනතුරුව බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළහ' පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ මග පෙන්වීම අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරි ලෙස පත්වීමෙන් වැඩබැලීමත්" අනතුරුව අභයගිරි විහාරයේ වැඩ බැලිමත් උන් වහන්සේ අතින් සිදුවිය' අනලස්ව හා දක්ෂ ලෙස කටයුතු සම්පාදනය කළ සිරිනිවාස හිමියෝ කාගේත් ගෞරවාදරයට පාත්‍රවූ අතර 1995 වසරේදී රුවන්වැලි මහා චෛත්‍යයරාමාධිකාරිධුරයට පත්වූහ' මෙනිසා එම වසරේදීම කාර්යශූර සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වූහ' එවකට අටමස්ථානාධිපති ධූරය හෙබවූ පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු උත්තරීතර අටමස්ථානාධිපති ධුරයට සිරිනිවාස නාහිමියන් 1997 පත්වුහ'

ශ්‍රී මහා බෝධින් වහන්සේ සඳහා දෙවැනි රන් වැට තැනීම" දෙවෙනි රන්වැට පහතින් පිහිටි මළුව පුළුල්කර ආරක්ෂක ගේට්ටු සවි කිරීම හා බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවත නවීකරණය කරවීම" පරිපාලන කටයුතු විධිමත් කිරීම" මහා ප්‍රාකාර බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම" රාජ්‍ය අනුග්‍රහයෙන් දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහාධර්ම ශාලාවක් කරවීම" උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන දානපතීන් පිරිසකගේ මැදිහත්වීමෙන් බෝධීන් වහන්සේට ස්වර්ණමය තහඩුවලින් ආධාරකයක් සවිකිරීම" ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් ශ්‍රි මහා බෝධි විහාර මන්දිරයෙහි රන්වියනක් කරවීම උන් වහන්සේගේ මුලිකත්වයෙන් වූ ප්‍රධානතම ශාසන කෘත්‍යයන් අතර වේ'