වත්මන් විහාරාධිපති තැන්පත් පල්ලේගම හේමරතන හිමිපාණෝ ස්වකිය ජිවිතයම කැපකොට ඇත්තේ මහාසෑය ආරක්ෂා කිරීමටයි' මහාසෑය සංරක්ෂණය" සංවර්ධනය මෙන්ම වාර්ෂිකව වෙසක් පොහොය නිමිති කරමින් සුදු පිරියම් කිරීම උන්වහන්සේගේ මුලිකත්වයෙන් සිදුවන භාරදුරම කාර්යයන් අතර මුල් තැන ගනී' තවද වන්දනාමාන කිරීම සඳහා නන් දෙසින් පැමිණෙන ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සුභ සිද්ධිය පිණිස විවිධ පිංකම් සංවිධානයද උන්වහන්සේ නොපිරිහෙළා ඉටුකරන කාර්යයන් අතර වේ' අනුරාධපුර අටමස්ථානාධිපති" උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ" ස්වර්ණමාලි චෛත්‍යය අභියස විහාර මන්දිරය ප්‍රතිනිර්මාණය කිරීමේ මුලිකත්වය දරන්නේද අප හේමරතන මාහිමිපාණන් වහන්සේය'

පල්ලේගම හේමරතන හිමියන් සිංහල සාහිත්‍යය හා ගේයපද රචනයෙහි වැජඹෙන නමක් ද දරයි' තොටගමුවේ ශ්‍රී රාහුල හිමි" වීදාගම මෛත්‍රිය හිමි" ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හා රඹුකන සිද්ධාර්ථ හිමිවරුන් අතරට අප පල්ලේගම හේමරතන හිමියන් එක්වන්නේ බෞද්ධ දර්ශනය" සියුම් සාහිත්‍ය රසය තුලින් ගේයපද අතරට මුසුකරමින්ය'