රුවන්වැලි මහාසෑයෙහි විශේෂත්වය
මුල් පිටුව
රුවන්වැලි මහාසෑයෙහි විශේෂත්වය
මහාසෑය හෙවත් අසදෘශ චෛත්‍යයෙහි විශේෂත්වය
ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් සැදුම්ලත් ලොව වැඩිම ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින එකම මහා චෛත්‍ය වීම'
කකුසඳ" කෝණාගමන" කාශ්‍යප" ගෞතම යන සතර ලොවුතුරා බුදුවරුන්ගේ පා පහසින් පිරිසිදු වූ ස්ථානයක් වීම'
මහාවංශය හා ථුපවංශය වැනි ඉපැරණි මුලාශ්‍ර සහිත සවිස්තරාත්මක ලිඛිත ඉතිහාසයක් තිබීම'
සයානුකෝටියක් මහරහතුන් පිරිවරණ ලදුව ආශිර්වාදය මැද චෛත්‍යය ඉදිවීම'
පාෂාණ හා ලෝහ ස්ථර යොදා විශේෂයෙන් සැකසු අත්තිවාරම සෘද්ධිමත් රහතුන් විසින් නව වරක් ගිලා බස්වා ශක්තිමත් කර තිබීම'
සක් දෙවිඳු" විස්කම් දෙව්පුත් ඇතුළු සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ද" බ්‍රහ්මයන්ද" මිනිසුන්ද" යක් සේනාපතිවරුන්ද හා සෝවාන්" සකදාගාමී" අනාගාමී" අරහත් යන සතර ආර්යයන් වහන්සේලා සියල්ලන්ගේම සහභාගීත්වයෙන් හා අධිෂ්ඨානයෙන් ඉදිකිරිම'
රන්" රිදී" තඹ වැනි දුර්ලභ ලෝහ හා මුතු මැණික් අතිවිශාල වශයෙන් මහාසෑය සඳහාම පහළවීම හා ඒවා යොදා පාදමත් විශේෂයෙන් ධාතු ගර්භයත්" ගර්භය තුල අලංකරණයත් කර තිබීම'
රිදී බෝධියකින් සමන්විත" විශේෂයෙන් හා සෘද්ධියෙන් සකසන ලද ධාතු ගර්භය'
ගැමුණු මහරජු විසින් ධාතු නිදන් කරන අවස්ථාවේ සර්වඥ ධාතුන්වහන්සේලා අහසට පැන නැගී බුද්ධ කාය යුගලයක් මවමින් යමාමහ පෙළහර පා අනතුරුව නිර්මිත සැතපෙන බුදුරුවක නිදන්ගතවීම'
මැණික් එබවූ රන් ආධාරකයක් සහිත විශාල චුඩාමාණික්‍යයකින් සමන්විතවීම'